දේශීය පුවත්

බැසිල්ට මුදල් ඇමතිකම?

June 19, 2021 10:21 am | Lanka Lead News

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සිටින බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් පිරිසක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කරවන බව සමහර අන්තර් ජාල පුවත් වෙබ් අඩවි මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර සිටී.

බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගනු ඇති බවට ද ඔවුන් අතර සාකච්ඡා වෙමින් තිබෙන බවද පැවසේ.

කෙසේ වුවද බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකුට ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් ඕපාදූප මට්ටමේ පවතින ඒවා බවද අප කළ විමර්ෂණ වලින් තහවුරු වේ.
දැනට ඇමරිකාවේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බැසිල් රාජපක්ෂ මහතා ඉතාම නුදුරීදීම ආපසු මෙරටට පැමිණීමට නියමිත බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More