දේශීය පුවත්

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේ පාස්කු ඉරුදින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර සිදුකිරීමට ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට නීතිවිරෝධීව මුදල් ඉපැයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව තහවුරුව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියේ”ඉදිරියට තව කී දෙනෙක් අත්අඩංගුවට ගන්නවාද කියා කීමට අපහසුයි. මෙය නොකඩවා කෙරෙන විමර්ශනයක්. අපි රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඔහු නිදොස් නම් අනිවාර්යයෙන් ම ඔහුව නිදහස් කරයි. නැත්නම් නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා ලිපිගොනුව යොමු කරයි. ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනාගේ ව්‍යාපාර වලට නිති විරෝධීව මුදල් ඉපයිමට අනුබල දීම යන කාරණය සම්බන්ධව. ඒවා සනාථ කරන්න සිදු වෙනවා. ඊබ්‍රාහිම්ගේ පුත්‍රයින් දෙදෙනා තමයි ෂැංග්‍රිලා හෝටලයේ තවත් තැනකයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ. ඒ පුතුන් දෙදෙනාගේ සමාගමට නීතිවිරෝධී ලෙස කෝටි ගණනක් මුදල් ඉපැයීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ මුදල් තමයි සහරාන් ට ලබාදී තිබෙන්නේ. බොහෝදුරට ලක්ෂ 300ක් පමණ සහරාන්ට ලබා දී තිබෙන බව පැහැදිලි වෙනවා. ඒ මුදල් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට යොදාගෙන තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ එම කාරණා පදනම් කරගෙනයි. ”

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලදී විවිධ අවස්ථාවල පුද්ගලයින් 724ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ එම පුද්ගලයින්ගෙන් 227 දෙනෙකු අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවමත් පොලීසිය භාරයේ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවය‍.

සැකකරුවන් විසින් විවිධ අවස්ථාවල දී පරිහරණය කළ රුපියල් මිලියන 205කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් ගල් ආදිය පොලිස් භාරයට ගෙන ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වනවිට බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක තිබු මුදල් රු මි 134ක් පමණ අක්‍රිය කර ඇති බව ද අණාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More