දේශීය පුවත්

කෘෂිකර්ම අමාත්‍යයවරයා විසින් සත්ව ආහාර උපදේශන කමිටුවට පත්කර ඇති ගම්පොල ප්‍රදේශයේ මහා පරිමාණ කුකුළු මස් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් නිලධාරින් හට අනිසි බලපෑම් කරමින් පිරිසිදු සෝයා තෙල් සත්ව ආහාර සඳහා ආනයනය කර ගැනීමට දැඩි උත්සාහයක නියැලෙන බව වාර්තාවේ.

මෙම කූඨ ව්‍යාපාරිකයා පැවැති පසුගිය රජයන් වල අදාල අමාත්‍යවරුන් හරහා තම ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගැනීම සඳහා පවතින පොදු නීති වෙනස් කර ගැනීමට විවිධ අවස්ථාවලදී උත්සාහ ගෙන ඇති කුප්‍රකට පුද්ගලයෙකු බවද වාර්තාවේ .

එමෙන්ම සත්ව ආහාර වලට බඩ ඉරිඟු නිෂ්පාදනය සඳහා සහ මහා පරිමාණ කුකුළු ගොවිපල ඇති කිරීම සඳහා අක්කර හය දහසක් පමණ ලබා ගැනීමට පවතින නීති වෙනස් කර අනුමත කරන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවට මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් හට ද දැඩි බලපෑම් කරණ බවටද අපගේ කෘෂිකර්ම දෙපාර්හමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසා සිටී.

කෙසේ වුවද බොහෝ නිලධාරීන් මෙම තත්වය තුල භීතියට ලක් වී කර කියා ගත නොහැකිව තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ. නමුත් ඇතැම් නිලධාරීන් තම රැකියාව හෝ තම තනතුර අහිමි වුවද මෙම කුප්‍රකට කුකුළු මස් ව්‍යාපාරිකයාගේ කටයුතු වලට විරුද්ධව කටයුතු කරන බවද අපවෙත වාර්තාවේ.

මෙම කුප්‍රකට කුකුළු මස් ව්‍යාපාරිකයා තමාට අවශ්‍ය දේ කර දීමට නොහැකි නම් තනතුරු අතහැර යාමට ලැහැස්ති වී සිටින ලෙසට නිලධාරීන්ට අනතුරු අඟවන බවද වාර්තාවේ.

මේ අතර ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ සාම්ප්‍රදායික පොලෙතෙල් කරුවන්ගේ සාමාජිකයෙකු පවසා සිටියේ මොහුගේ ක්‍රියාවලියේ යටි අරමුණ වී ඇත්තේ සත්ත්ව ආහාර වලට බදු රහිත සෝයා තෙල් මෙරටට ගෙන්වා ලාබ ලබනවාට අමතරව සත්ව ආහාර නාමයෙන් බදු රහිතව ගෙන්වන සෝයා තෙල් පිරිසිදු සෝය තෙල් ලෙස විවෘත වෙළෙඳ පොළේ අනවසර ලෙස විකිණීම මගින් කූට ලෙස ලාබ ඉපයීම බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවට පරිභෝජනය සදහා සාමාන්‍ය ලෙස ආනයනය කරණ සෝයා තෙල් වලට බදු ගෙවිය යුතු වන්නේය .

කෙසේ වුවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යය පීඨයේ අවසන් වසරේ සිසුවෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සාමාන්‍යයෙන් ලාබ තෙල් එකතු කිරීමෙන් බ්‍රොයිලර් සතුන්ගේ ජීව බර ලාබ දායි ලෙස ඉහල දා ගත හැකි නමුත් එසේ නිපදවන බ්‍රොයිලර් සතුන්ගේ ජීව බර වැඩි වුවද එම මස් වල තෙල් සහ මේද ප්‍රමාණය අධික බැවින් සෞඛ්‍යාරක්ශිත නොවන බවය.

මේ හේතුව නිසාම සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍යය සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සෞඛ්‍යය විද්‍යාත්මක පදනමක සිට මෙම කූට කුකුළු මස් ව්‍යාපාරිකයාගේ උත්සාහයට විරුද්ධ වීම ඉතාම සාධරණ බවද එම ශිෂ්‍යයා අවධාරණය කර සිටියේය.

පොල්තෙල් සහ පාම් තෙල් මාෆියාව හා සම්බන්ධ වූ වසල වෙළෙඳ කුලයේම සගයෙකු බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී අපහට කරුණු අනාවරණය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More