තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ අනුව දින 100 වැඩ පිළිවෙල මෝඩ වැඩක් යැයිද ජනාධිපතිවරයා පැවසීය.
සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය සැමරුම වෙනුවෙන් කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා එ සේ පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
‘ මෙම උත්සව අවස්ථාවට මට නිල වශයෙන් ආරාධනා නැහැ. සෝභිත නා හිමියන් හා මා අතර තියෙන සම්බන්ධයට පොදු අපේක්ෂකයා වීමටත් වසර ගණනාවකට පෙර සිට පැවැති දෙයක් මෙතැනදී අනුශාසනාවක් කළ හිමි නමක් කිව්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භෘරගත් නිසා යහපාලන රොටිය කර වුණා කියලා.කරවුණා නෙවෙයි කර කළා.
පොදු අපේක්ෂකයා ජනාධිපති කරලා ආණ්ඩුවක් පිහිටුවගේන මහ බැංකුව කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැහැ.‘ “මේ රටේ දේවල් සිද්දවෙන්නේ මට ආරාධනාවක් නැතුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගත්තයින් පසුව තමයි රොටිය ඇට්ටකුනා උනේ කියලා කියනවා. රොටිය අට්ටකුනා උන හැටියි, කන්න බැරි වෙන්න කරවුන විදිහයි මට කියන්න පුළුවන් මාත් එක්ක සංවාදයකට එනවනම්.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින ගුණ සමරු දේශනය පවත්වමින් සඳහන් කළේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“සෝභිත හිමි බලාපොරොත්තු වුන දර්ශනය, අරමුණ කවුද විනාශ කලේ. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ඒ වෙලාවේ තිබ්බේ ආසන 47යි. එහෙම තියෙද්දිත් රනිල් වික්‍රමසිංහ මහතා මගෙත් එක්ක අගමැති විදිහට දිවුරුම් දුන්නා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. 142ක් තිබුනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුනේ. එකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 127ක් හිටියා. මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...