කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණු එළැඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් අතරතුර පවසා සිටියේ එළැඹෙන මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බව යි.
එහිදී ඒ මහතා පවසා සිටියේ,“නයිට්‍රජන් දියර අපි ආනයනය කරනවා. මේක සඳහා අපි ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා අවශ්‍ය කටයුතු කරමින් යනවා.“
තවද මහ කන්නය සඳහා කාබනික පොහොර නිකුත් කරන ප්‍රමාණයන් පිළිබඳවද මෙහිදී තිරණය කළ බව වාර්තා වේ.
ඒ අනුව හෙක්ටයාරයක් සඳහා ගොවියෙකුට කාබනික පොහොර කිලෝග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සහ ජෛව පොහොර ලීටර 10ක් ලබාදීමට මෙහිදී නිර්දේශ කර තිබේ.
මීට අමතරව හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකු සඳහා රුපියල් දස දහසක් ලබාදිමටත් රජය තීරණය කර ඇති බවද අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...