දේශීය පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව මිහින්තලා වටරවුම් මාර්ගය පිළිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම ඉතා කඩිනමින් ඉටු කර දෙන ලෙස මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේ දී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා ලැබී නැතැයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් සොයා බලා පවතින දෝෂ නිවැරදි කර සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන ලෙස ද අදාළ නිලධාරීන්ට අග්‍රාමාතවරයා උපදෙස් දුන්නේය
(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More