පසුගිය මැයි(7 ) වනදා දික් ඕවිට වරායෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකේය ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉන්දීය නාවික හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් දරුණු ලෙස පහර දී ඇති බව වාර්තාවේ.
ධීවරයින් පවසන්නේ එම ඉන්දීය නාවික සෙබළුන් මත්ද්‍රව්‍ය ඉල්ලා තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි.
ඊයෙ(7 ) පස්වරුවේ ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා දෙක දික්ඕවිට වරායට සේන්දු වී තිබුණි. එහිදී දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලට ගිලන් රථ මගින් රැගෙන ගොස් තිබුණි.
ඉන්දීය නාවික නිලධාරින් පහර දුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා දෙකෙහි ධීවරයින් 13කු ගමන් ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...