දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටින්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මෙරට සමාජයෙන් පළමුවරට හමුවූ බව ඒ බවයි.

සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයකි. පසුගිය කාලයේදී ඉන්දියාව තුළ කොවිඩ් මරණ විශාල වශයෙන් ඉහළ යෑමට එම කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවූ බව පිළිගත් වෛද්‍යය මතයයි.

එංගලන්ත එළඹෙන ජුනි 21 වනදා සිට සංචරණ සීමා ලිහිල් කිරීමට සැලසුම් කළ ද එම තීරණය කල්දැමීමට එරට රජය තීරණය කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය එරටින් වාර්තා වීම හේතුවෙනි. එංගලන්තයෙන් හමුවන නව ආසාදිතයින්ගෙන් 60%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් බව එරට මාධ්‍යය වාර්තා පවසා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ලෝකයේ රටවල් 80ක් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පීඩා විඳිනු ලබයි.

අමෙරිකාවෙන් හමුවන නව අසාදිතයින්ගෙන් 10%ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වන අතර පසුගිය සතියේ එම අගය දැක්වුණේ 6%ක් ලෙසය.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ පුද්ගලයින් දැඩි ලෙස අසාධ්‍ය වන බවට ද හඳුනා ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More