දේශීය පුවත්

පෘතුගාලය හා හංගේරියාව අතර පැවති පාපන්දු තරඟය අතරතුර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පෘතුගාල පාපන්දු කණ්ඩයමේ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කොකාකෝලා වෙත දැක්වූ ඉඟිය කොකාකෝලා සමාගමේ වෙළඳ නාම තක්සේරුවට අහිතකර ලෙස බලපා ඇති බව වාර්තාවේ.

රොනල්ඩෝ තම කළමනාකරු ප්‍රනාන්දු සැන්ටොස් සමඟ පෘතුගාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමට පැමිණි විට, ඔහු ඉදිරිපිට තිබූ කොකාකෝලා බෝතල් දෙකක් කැමරා කෝණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරණු ලැබුවේය.

ඒ අනුව රොනාල්ඩෝ කළ අභිනය විසින් කොකාකෝලා වෙළඳ නාමයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක්  අතුගා දමා තිබෙන  බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සමාගමේ තක්සේරුවට අනුව මේ වන විට සමාගමේ අගය 1.6% කින් පහත වැටී ඇත. මෙමඟින් වෙළඳ නාමයේ වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 242 සිට ඩොලර් බිලියන 238 දක්වා (ඩොලර් බිලියන 4 ක අඩුවීමක්) පහත ගිය බව විස්දෙස් මාධ්‍යය වාර්තා පවසා සිටී.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිය මයික්‍රෆෝනය ඉදිරිපිට ප්‍රදර්ශනය කළ කොකාකෝලා බෝතල් ඉවත් කරමින් මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා ඉල්ලා සිටියේ ඒ වෙනුවට වතුර පානය කරන ලෙසයි. රොනාල්ඩෝගේ ක්‍රියාව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟම කොකාකෝලා සමාගමේ කොටසක මිල ඩොලර් 56.10 සිට ඩොලර් 55.22 දක්වා පහතට ඇද වැටි අති බවද මාධ්‍යය වාර්තා පවසයි.

වයස අවුරුදු 36 ක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලීය සුපිරි තරුවක් වන අතර ඔහු තම සෞඛ්‍යය මැනැවින් රැකබලා ගන්නා බව ප්‍රසිද්ධ කරුණකි. රොනාල්ඩෝ නම්වු මෙම පෘතුගීසි ජාතික පාපන්දු සුපිරි තරුව ඔහුට වඩා අවුරුදු 10 ක් බාල ක්‍රීඩකයන් සමඟ තරඟ කිරීමේ හැකියාව රැකගෙන ඇත්තේ තම සෞඛ්‍යය තත්වය කෙරෙහි දක්වන්නාවූ සැලකිල්ල නිසා බව කියවේ.

කොකාකෝලා සමාගම යූරෝ 2020 හි අනුග්‍රාහකයන්ගෙන් කෙනෙකි. එහෙත් එය රොනාල්ඩෝ ට අදාළ නොවුණි. යුරෝ 2020 තරඟාවලියේ ප්‍රකාශකයෙකු ද මේ පිළිබඳව සිය අදහස් පවසමින් කියා තිබුණේ “අපගේ පුවත්පත් සාකච්ඡාවලට පැමිණෙන විට ක්‍රීඩකයින්ට කොකාකෝලා සහ කොකාකෝලා සීරෝ ෂුගර් සමඟ වතුරත් දෙනවා” යනුවෙනි.

රොනාල්ඩෝ හට මිලියන 300 කට අධික ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සිටින අතර ලොව පුරා සිටින රොනාල්ඩෝ රසිකයන් ‘රොනාල්ඩෝ සහ කොකාකෝලා’ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ “වෛරල්” කිරීමට සමත්ව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More