කොළොන්නාව නගර සභාවට අයත් පරණ යකඩ යන්ත්‍රයක් සොරාගෙන විකුණූ බව කියන සිද්ධියට අදාළ එ.ජා.ප. නාගරික මන්ත්‍රීවරු දෙදෙනා ඊයේ (15දා) සවස වැල්ලම්පිටිය පොලිසියට භාර වී ඇත.
ටොන් 3ක් පමණ බරැති මෙම යන්ත්‍රය තිබී ඇත්තේ දැනට කොවිඩ් රෝගීන් සඳහා අතර මැදි රෝහලක් ඉදි කෙරෙමින් පවතින මීතොටමුල්ලේ පැරණි වී ගබඩා සංකීර්ණයේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 සහ 52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකුය.ඔවුන් අද (16) දින කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ යන්ත්‍රය මිලදී ගත් සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...