නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතායතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (16) පෙරවරුවේ ඉදිරිපත් වී ඇත.
නීතිපතිවරයාගේ උපදෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් කිහිපයක්ම සභාපති ඇතුළු නෞකා නියෝජිතායතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් මෙතෙක් ඒ කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබුණු බවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සැගවී සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ අතර නෞකා ගින්න පිළිබදව ඊයේ (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලෙහි විභාගය පැවති අවස්ථාවේදී නෞකා නියෝජිතායතනයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සදහන් කර සිටියේ සිය සේවා දායකයා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...