හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබෙසේකර මහතාට සහ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ලැබී ඇති බව වාර්තාවේ.ශානි අම්බෙසේකර මහතා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඔහුට ඇප ලබා දී ඇත්තේ දැඩි ඇප කොන්දේසි මත බවද පැවසේ.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔවුන් දෙපල ඇප මත නිදහස් කිරීමේ නියෝගය නිකුත්කර තිබුණේ නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව ලබා දෙමිනි.
ඒ අනුව ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරු මඩුල්ල නියම කළ බව අප අධිකරණ ආරංචි මාර්ග පවස්යි.
සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් වන අතර යම් විදියකින් සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල නියෝග කරණු ලැබූ බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...