දේශීය පුවත්

සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග වලට අනුව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාස භංගය ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙස ආණ්ඩු පාර්ශවයේ පිරිසකගෙන්ම සහාය ලැබී තිබේ.

ඒ අනුව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු සූදානම් කරමින් සිටියි.

සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටින්නේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිවයුතු බවට සඳහන් කරමින් හැකි ඉක්මනින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ඇති බවයි.

රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අනුව යෝජනාව සම්මත කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද සහාය ලබා දෙනු ඇත.

මේ අතර ආණ්ඩු පක්ෂයේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සමඟ එකඟ කණ්ඩායමද ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව සහාය ලබාදෙනු ඇති බව විශ්වාස කරන බවද ඉතා විශ්වාසදා ආරංචි මාර්ග වලින් කියවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More