විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ හා ඔහුගේ පවුලේ, ළඟම ඥාතීන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ගිණුම පරීක්ෂා කිරීම්වලට අමතරව ඔවුන් සතුව බැංකු ආරක්ෂිත සේප්පු තිබේද යන්න පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ගිණුම පරීක්ෂා කිරීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ගිණුම් හා ඔහුගේ බිරිඳට දරුවන්ට සහ අමාත්‍යවරයාගේ ළඟම ඥාතියෙකුට අයත් ගිණුම් පරීක්ෂා කිරීම සිදුවන බවද වාර්තා වේ.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී ආන්දෝලාත්මක ප්‍රකාශ සිදුකළ අමාත්‍යවරයා යහපාලන රජය ස්ථාපිත කිරීම සදහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබූ අමාත්‍යවරයෙකි.
අමාත්‍යවරයාගේ එක් දරුවෙකු වන රඛිත රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ වී කටයුතු කර තිබෙන අතර එහිදී එම අමාත්‍යාංශය තුළ සිදුවූ මූල්‍ය ගනුදෙනුවලදී සිදුවූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවත් චෝදනා එල්ල වී තිබිණි.
ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුම්වලට මුදල් ලැබී තිබෙන ආකාරය හා ඒවා පරිහරණය කර තිබෙන ආකාරය පිළිබඳව ද සොයා බැලීම සිදුකරන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...