මුහුණු පොතෙන්

අලි ගාන 17යි

June 16, 2021 8:50 am | Lanka Lead News

ශ්‍රී ලාංකේය කවි කලා කෙත විවිධ වකවානුවල විවිධ කවියන් විසින් අස්වද්දන ලද්දාහ. මීට කාලයකට ඉහතදී කවි පොතක් එළිදක්වනවා යනු කවියෙකු අතිශය සතුටට පත්වන සිද්ධියකි. එහෙත් වර්තමාන සමාජ දේශපාලන ආර්ථික රටාව තුළ කවි ලියන අය කෙසේ වෙතත් කවි කියවන අයනම් සොයා ගැනීම කළුනික සොයන්නා තරම් අපහසු කාර්යයකි. එහෙත් අතිශය චමත්කාර ලෙස කවි භාෂාව හසුරුවන අංකුර ලේඛකයෙකු වන පවන් ශාමික ලියූ පිය සෙනහස ගැන ලියවෙන අපූරු කවි පන්තිය ලංකා ලීඩ් පාඨකයාගේ රස වින්දනය ඉහළ තලයකට එසවීමේ අටියෙන් මෙසේ පළ කරමු!

අලි ගාන 17යි ‘ ” ”’

” අංක දහයට පස්සේ දහ එකද අප්පච්චි”
මගේ කර මතින් හිඳ ඇසූ කළ පුතු හිච්චි
ඈත කස හඬින් හිත දෙදරවා ගොස් පිච්චී
ගමේ පෙරහැර එදා බැලූ හැටි සිහි වෙච්චි..,

උඹේ කර දූලි ගා පෙරහැරේ අලි බැලූ
මගේ බර දරාගත් හිනාවකි බිම හැලූ
‘අලි ගාණ දහසයයි’ කියූ මා වෙත හෙලූ
උඹේ අසරණ බැල්ම මහා මේඝෙකි කලූ

-සත පහට කඩල ගොටු දෙකක් ගෙන අත තියා
“‘අලි නැටුම් බලා, රන්පුතේ කාපන්”‘ කියා
බඩජාරි රජෙක් පෙරහැරත් අහවර නියා
උරිස් දෝලාවෙන්ම ගෙදර එක්කන් ගියා..,

ගල් කොරියේ සද්දයට පෙර මතක ඇහැරිලා
ගල් මිටිය හැඬුවාලු පිලේ බිම වැතිරිලා
ගල් තැලුම් මල් මටත් කීවේ බිම විසිරිලා
ගල් බණ්ඩේ උන්නාලු ගලක් යට පරවෙලා

ගමෙන් තටු උපන් හිත සිදාදියේ කොටු වුණා
හීන විතරයි දින්නේ ජීවිතේ පැරදුණා
පිළිමෙකට ගල් වඩුවා ගැනත් අමතක වුණා
උඹ ඇතෙක්,අනේ මට වැටහෙද්දි පහු වුණා

අප්පුච්චේ එදා මට අලිගාණ වැරදුණා…..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More