දේශීය පුවත්

රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන අවලාද ව්‍යාපාරය සම්බන්ධව මෙසේ පවසා සිටී.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු සමග සමීපව කටයුතු කරන පුද්ගලයකු මාධ්‍ය සාකච්ජාවක් පවත්වා අද දින පහත පරිදි ප්‍රකාශ කර ඇත.
//එදා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසිලෙස මානව සම්පත් සංවර්ධනයටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් කටයුතු කර තිබියදීත් අද රාජිත සේනාරත්න මහතාට හොරා යැයි චෝදනා කරමින් සිටී. අද දවස වන විට කොවිඩ් මර්දනයට පහසුවක් වී ඇත්තේ එදා යහපාලන ආණ්ඩුව සෞඛ්‍ය සේවයට දුන් පහසුකම් හේතුවෙන් ය.
අපි චන්න ජයසුමන මහත්තයගෙන් අහනවා ඇතුල් කෝට්ටේ මිලියන 200කට අධික අති නවීන ගෙයක් අරගෙන ඒක ඇතුළට අවශ්‍ය වන බුමුතුරුණු ද,මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටුද, කවිච්චිද,අඩි 10-12 මෙට්ට ද, ඒවා සේරම සැපයුම් කරන්න භාර දීලා තියෙනවා එක්කෙනෙකුට. මම ලයිව් එකක් එනවා සියලු විස්තර සමඟින් ඔය නිවස ඉදිරිපිටදී…
වකුගඩුවක් අල්ලගෙන ආවේ. මම කිව්වා ඔය වකුගඩු ප්‍රශ්නයට හේතුව අනුරාධපුර,පොළොන්නරුව පැත්තේ වතුර ප්‍රශ්නය විතරක් නෙවෙයි කසල තේ ප්‍රශ්නයත් බලපානවා කියල.කසාද තේ වලට ඩයි දාලා බොන්නේ. මේ ඩයි එකත් වකුගඩුවට බලපානවා. මේකයි ප්‍රශ්නය මේ ගැන අවධානය යොමුකරන්න කියල. ඒ ගැන වචනයක කතා නොකර වකුගඩුව අල්ලගෙන තමයි ඔය ආවේ//.
මට හෝ බිරිඳට හෝ මගේ සමීප ඥාතියකුට හෝ ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ හෝ පිටකෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ ප්‍රදේශයේ හෝ කෝට්ටේ නගර සභා ප්‍රදේශයේ හෝ කිසිදු දේපලක් නැත. මට ඇති එකම නිවස 2015 වසරේදී ලංකා බැංකුවෙන් 15 වසරකින් ගෙවී යන ලෙස ලබා ගත් ණයකින් ලබා ගත් එකකි. එහි වටිනාකම මිලියන 200 න් දහයෙන් පංගුවකටත් අඩුය. එය ද කෝට්ටේ හෝ ඒ ආසන්න ප්‍රදේශයක පිහිටි එකක් නොවේ. ඒ හැරෙන්න මා සතු එකම වාහනය වූ හොන්ඩා වෙසල් මෝටර් රථය ද මේ වන විට විකුණා දමා ඇත. මේ කියන ආකාරයේ නිවසක් නැති නිසා බුමුතුරුණු ද, මාළු ටැංකි ද, කැරකෙන පුටු ද, හාන්සි පුටු ද, කවිච්චිද, අඩි 10-12 මෙට්ට හෝ කිසිවක්ද මිලදී ගෙන නැත; සැපයුමක් සඳහා ඇනවුමක් ද ලබා දී නැත. මා දැනට ජීවත් වන්නේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස මට ලැබුණු නිල වාසස්ථානයේ ය. මට ඇතැයි කියන ඇතුල් කෝට්ටේ නිවස කුමක්දැයි මේ චෝදනාව නගන පුද්ගලයා ලිවෙ පැමිණ හෙළි කරන තෙක් මම බලා සිටිමි. එතුමාට නොහැකි වුවහොත් වෙනත් කවරකු හෝ මට ඇතැයි කියන මේ නිවස ගැන, ඒ තිබෙන තැන සොයා දුනහොත් පැය 24 ඇතුලත තෑගි ඔප්පුවකින් එය පවරා දීමට බලාපොරොත්තු වෙමි.
කෙසේ වෙතත් මේ ගැන දැනටමත් පොලිස්පතිතුමාට දන්වා පැමිණිල්ලක් සිදු කළෙමි. තුච්ජ, පහත් දේශපාලනයේ ගොදුරක් බවට පත්ව ඇති මේ පුද්ගලයාට එරෙහිව අප්‍රමාදීයව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More