දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ගෙන්වන මුදල වැටුප් සහ දීමනාවලට අමතරව ආණ්ඩු පක්ෂයේ ම්න්ත්‍රීවරු 54 දෙනෙකු සඳහා තවත් කෝටි 12කට අධික මුදලක් වාර්ශිකව ගෙවීමට තීරණය කර ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 54 දෙනෙකු අධීක්ෂණ මන්ත්‍රීවරු බවට පත් කර ඔවුන් සඳහා මාසයකට ලක්ෂ දෙක බැගින් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව එම අධීක්ෂණ මන්ත්‍රීවරු 54 දෙනා සඳහා පමණක් වසරකට රුපියල් දොලොස්කෝටි අනූහය ලක්ෂයක (රු. 129,600,000) මුදලක් වැය කිරීමට සිදුව ඇත.

මේ වනවිටත් වසර දෙකක පමණ කාලයක් තිස්සේ වසරකට රුපියල් දොලොස්කෝටි අනූහය ලක්ෂය බැගින් වසර දෙකක් තිස්සේ ගෙවා ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අගමැති ලේකම් කාර්යාලයේ නිර්දේශ මත එවා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාම ලේඛනයකට අනුව මෙම මාසික දීමනාව ගෙවන බවත් අනාවරණය වේ.

ඒ අනුව මේ වනවිටත් කෝටි 26කට ආසන්න මුදලක් එම මන්ත්‍රීවරු 54 දෙනා වෙනුවෙන් ඔවුන්ගේ මන්ත්‍රී වැටුප් හා දීමනාවලට අමතරව ගෙවා ඇත.

අමාත්‍යාංශවල කටයුතු හා මහජන සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම අධීක්ෂණ මන්ත්‍රිවරුන් නම් කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමිවන වැටුපට අමතරව මෙම මන්ත්‍රිවරුන් 54 දෙනා වෙනුවෙන් මෙම මාසික දීමනාව ලබාදෙන බවත් එය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය මඟින් ලබාදෙන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මූලාශ්‍ර මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More