රජයේ රසපරීක්ෂකවරයා දැනුම් දී ඇත්තේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් පිළිබඳ දත්ත ඇතුළත් රෙකෝඩරය (වීඩීආර්) සතු දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම උපාංගය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය බවයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඊට අදාළ සන්නිවේදන කටයුතු සිදුවෙමින් පවතින බවයි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය ඒජන්ත සමාගමේ නියෝජිතයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවය.
ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ නාවික ගමනාගමනයේදී සිදුවන සන්නිවේදන සබඳතා පටිගත කෙරෙන වොයිස් ඩේටා රෙකෝඩර් හෙවත් වීඩීආර් පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය පසුගිය 05 වනදා නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...