දේශීය පුවත්

පසුගිය 11 වෙනිදා පාඨලි චම්පික රණවක මහතාගේ විශේෂ නියොජිතයකු හා සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තාවේ.

මෙහිදි පාඨලි චම්පික රණවක මහතාගේ විශේෂ නියෝජිතයා දැඩිව ප්‍රකාශ කර තිබුනේ ඉදිරි මැතිවරණයෙදි අගමැති අපේක්ෂකත්වය චම්පික රණවක මහතාට ලැබිය යුතු බවයි.එසේම අගමැති අපේක්ෂකත්වය ලැබෙන බව තහවුරු කිරීම සඳහා මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ නියොජ්‍ය නායක ධුරය පාඨලි චම්පික රණවක මහතාට ලැබිය යුතු බවද අවධාරණය කර තිබේ.

එයට ප්‍රතිපක්ෂව අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ නියෝජිතයා පවසා තිබුණේ සමගි ජනබලවේගය පක්ෂය තුල ‚පාර්ලිමේන්තුවේ වසර 32ක් නියෝජනය කරන රන්ජිත් මද්ධුම බණ්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජෙෂ්ඨ නායකයන් මෙන්ම පාඨලි චම්පික රණවක මන්ත්‍රිවරයාට වඩා ඉහල ජන ප්‍රසාදයක් ඇති මන්ත්‍රීවරු සිටිනා බවයි . එහිදී ඔහු නම් වශයෙන් සඳහන් කර ඇත්තේ , රංජිත් මද්දුම බණ්ඩාර,ලක්ෂ්මන් කිරිඇල්ල,රාජිත සේනාරත්න,ගයන්ත කරුණාතිලක,තිස්ස අත්තනායක සහ ජෙනරල් සරත් ෆොන්සෙක යන සජබය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.
ඒ අනුව චම්පික රණවක මහතාගේ පාර්ශවයේන් ගෙන ආ යෝජනාව පිළිගත නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අවධාරණය කර තිබේ.

තවද පාඨලි චම්පික රණවක මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ජා කල බවට නැගෙන  චෝදනාව  පාඨලි චම්පික රණවක මහතාගේ විශේෂ නියෝජිතයා ප්‍රතික්ෂේප කළද  ‚ සති 3කට පමණ පෙර කොල්ලුපිටියේ ග්‍රින්පාර්ක්හිදි  රනිල් වික්‍රමසිංහ හා පාඨලී චම්පික රණවක අතර පැවැති හමුව පැය 3ක් තිස්සේ පැවැති බවට තමන් සතුව සාක්ෂි ඇති බවද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ නියෝජිතයා චම්පික රණවක මහතාගේ පාර්ශවයේ නියොජිතවරයාට දැඩිව අවධාරණය කර ඇති බවද වාර්තාවේ.

 



One thought on “පාඨලී අගමැති අපේක්ෂකත්වය ඉල්ලයි සජිත් බෑ කියයි”

  1. http://newshub.lk/2021/06/16/champika-ranawaka-has-not-yet-got-the-right-place-in-the-samagi-janabalavega/?fbclid=IwAR28qINeqK6E4O9GTrp3rXUv4B1Erwq2gqiMBENbDhft_yPBpBouI_5ucVg

    චම්පික රණවකට සමඟි ජනබලවේගයේ සුදුසු තැන තාම ලැබිලා නෑ – පා.ම මනෝ ගනේෂන්

    https://youtu.be/VLXV82EsKmU
    පාඨලී චම්පිකට සමගි ජනබලවේගයේ ලොකු තනතුරක් දෙනවා, පක්ෂ සභාපති සරත් ෆොන්සේකා හෙලිකරයි

    සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම,සුළු පක්ෂයක නායක මනෝගනේෂන් මන්ත්‍රීතුමා සහ සජබයේ සභාපති සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා වෙත ලියමි. –
    ************************************************

    ගරු මනෝගනේෂන් මන්ත්‍රීතුමනි,ඔබතුමාගේ යෝජනාව බොහොම හොඳයි.සරත් ෆොන්සේකා මහතා කරන්න යනදේය එනම් චම්පිකට සජබයේ ලොකු තනතුරක් දෙනව කියන එකත් බොහොම හොඳයි.ඒ වගේම ඔබතුමන්ල දෙන්නාගේම අවධානය පහත සඳහන් Video ප්‍රකාශන වලින් චම්පික මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන අදහස් ගැනත් යොමුකරන්නේ නම් මැනවි.

    https://youtu.be/SKqPQxjaCK4
    මම ගහන්නෙ කැරැල්ලක් නෙවෙයි මම කරන්නෙ විප්ලවයක් – Patali Champika Ranawaka ( 02.06.2021 ) –
    ———————————————-

    https://youtu.be/3L6RZWEEKE0
    2024 දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බලයක් ලබාගන්නද?ඔබ බලාපොරොත්තු වන්නේ. – Asian Mirror
    ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී මංජුල බටුගෙදර

    2024 ට අනාවැකි කියන්න අපි කවුරුත් ලැස්ති නැහැ,අපි දන්නේ නැහැ 2024 මොනවා වෙයිද කියල – චම්පික රණවක
    ———————————————————–
    චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි….
    June 15, 2021 at 3:26 am | lanka C news

    01‚ රන්ජිත් මද්ධුම බන්ඩාර
    02‚ලක්ෂ්මන් කිරිඇල්ල
    03‚රාජිත සේනාරත්න
    04‚ගයන්ත කරුනාතිලක
    05‚තිස්ස අත්තනායක
    06‚ජෙනරල් සරත් ෙෆාන්සේකා වැනි චම්පිකට වඩා ජ්‍යෙෂ්ටයින් සජබයේ ඉන්න නිසා චම්පිකගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

    මම විශ්වාස කරනවා මනෝගනේෂන් සහ සරත් ෆොන්සේකා මහත්වරු මෙන්ම, සජබයේ ඉන්න වැඩිම උනොත් මන්ත්‍රීවරු දෙන්නෙක් හැර ( චම්පිකද ඇතුළුව ) අනෙක් සෑම මන්ත්‍රීවරයෙක්ම තම මුවින් ප්‍රකාශ කරන්න මැලි වන්නේ නැහැ,අපේ නායකයා සජිත්,2024 අපේ ජනාධිපති අපේක්ෂකයා සජිත් කියල.චම්පිකගේ ඉහත සඳහන් Video ප්‍රකාශන අවධානයෙන් බැලුවොත් ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්,2024 සජබයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව චම්පික පිළිනොගන්නා බව.එම අදහස තමයි චම්පික මංජුල බටුගෙදර මාධ්‍යවේදියාට පවසන්නේ .සජිත් කියන්නෙත් පොහොට්ටුවේ මහින්ද වගේ නායකයෙක් උනා නම් මෙලහකටත් චම්පික සජබයෙන් පන්නා දමලයි.

    එබැවින් මහත්වරුනි,විශේෂයෙන්ම මනෝගනේෂන් මන්ත්‍රීතුමනි,ඔබතුමා චම්පිකත් එක්ක මේ video ප්‍රකාශන දෙක ගැන සාකච්චා කර,චම්පිකගේ මතය වෙනස්කර,අපේ නායකයා සජිත්,අපේ 2024 ජනාධිපති අපේක්ෂකයා සජිත් යන්න චම්පික ලවා ප්‍රකාශකර ( සම්මුඛ සාකච්චාවක ආකාරයෙන් ) එම video ප්‍රකාශය සජබයේ පාක්ෂිකයින්ගේ සහ 43 සේනාකයේ අනුගාමිකයින්ගේ දැනගැනීම සඳහා ජනමාධ්‍ය වෙත නිකුත් කරන්න.එසේ කරන්න ඔබ අසමත් වේනම්, චම්පිකට සුදු තැනක් දෙන්න කියල තවදුරටත් සජිත් ප්‍රේමදාස මහතාට නොපවසන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.එහෙම කියන්න බැරි අය චිත්තයක් ඇඳගෙන සජබයේ ඉන්නවාට වඩා සජබයෙන් යන එකයි හොඳ .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More