වර්ථමානයේදි ලොව සෙසු රටවල් සේම අප රටද මුහුණ පා ඇති කොවිඩ් වසංගත තත්වය හමුවේ පොදුවේ මහජනතාව තම ආදායම් මාර්ග අහිමි වූ හෝ අවම හෝ ඉරණමකට ඇද වැටී සිටිති. එමෙන්ම රජයේ ආදායම් මාර්ග ද බොහෝ සේ ඇද වැටී තිබේ. ජනතාව සහ ආණ්ඩුව යන අංශ දෙකම එබඳු අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා සිටින මෙබඳු අවස්ථාවක දී ඇතැම් ජනප්‍රිය නොවන තීරණ ගැනීමට කවර ආණ්ඩුවකට වුවද සිදුවිය හැක. මේ අවශ්ථාවෙිදි තෙල් මිල වැඩි කිරීමේ තීරණය ද එවැනි ජනප්‍රිය නොවන තීරණයක් බව අපගේ නිගමනයි. එබඳු තීරණය තීරණයකින් පීඩාවට පත්වන අඩු ආදායම්ලාභීන්ට සහන සැපයීම අත්‍යවශ්‍ය යැයි ද අපි අවධාරණය කරමු. මේ සඳහා සුදුසු ක්‍රමවේද ඇතුලත් යෝජනාවලියක් අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙමු.
මෙම ඉන්ධන මිල ඉහළ නැංවීමේ ජනප්‍රිය නොවන තීරණය වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කරමත පැටවීමට දරන වෑයම අපි ප්‍රතික්ෂේප කරමු. ඊට හේතු වන්නේ ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීරණය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් රැස්වුණු ජීවන වියදම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් බවයි.
පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මේ බව තහවුරු කර තිබිණි. එවැනි පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පත්කළ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ජනප්‍රිය නොවන තීරණයේ වගකීම උදය ගම්මන්පිල ඇමතිතුමා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විසින් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගත් තීරණය අභියෝගයට ලක් කිරීමෙන් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන කුකුස පොදු ජනතාව තුළ ඉදිරියේ තබා ඇත.
මෙවැනි කට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේ දී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බව පෙන්වා දීමට කැමැත්තෙමු. එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවනතාවය වහාම පරාජය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ වගකීම බවද අවධාරණය කරමු.
පූජ්‍ය අතුරලියේ රතන – හිමි අපේ ජන බල පක්ෂය
විමල් වීරවංශ – ජාතික නිදහස් පෙරමුණ
වාසුදේව නානායක්කාර – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
තිස්ස විතාරණ – ලංකා සම සමාජ පක්ෂය
ඒ.එල්.එම්. අතාවුල්ලා – ජාතික කොංග්‍රසය
ජී. වීරසිංහ – ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂය
ටිරාන් අලස් – එක්සත් මහජන පක්ෂය
අසංක නවරත්න – ශ්‍රී ලංකා මහජන පක්ෂය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කෝ මහින්ද සුළගේ හිටපු දිනෙෂ් ගුණවර්ධන?