ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් ඉකුත් සෙනසුරාදා (12) අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එබැවින් කන්යාකුමාරි, දත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.
කෙසේ වෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...