“1977ට පෙර අපේ රටේ දේශීය නිෂ්පාදකයන්ට ඉතා ඉහළ අගයක් සහ වටිනාකමක් ලැබී තිබුණා. උපාලි විජේවර්ධන මහත්මයාගේ උපාලි ෆියට් කාර් එක, යුනික් රේඩියෝව, වෙනත් දේශීය නිෂ්පාදකයන් අතින් බිහි වූ කෘෂිකර්මාන්තයට යොදාගත් ට්‍රැක්ටර් ඇතුළු යන්ත්‍ර සුත්‍ර ඒ වකවානුවේදී බිහිවුණා. ‘සිය රට දේ සිරි සැප දේ ‘ යන තේමා පාඨය ඒ වකවානුවේ ජීවත් වූ බොහෝදෙනා තුළ රැව් පිළිරැව් දුන් තේමා පාඨයක් වුණා. නමුත් ඒ ස්වදේශික නිෂ්පාදන බලගන්වමින් යන ගමන 1977දී අවාසනාවන්ත ලෙස බිඳ වැටෙනවා.
ඒ බිඳ වැටීම තේරුම් ගැනීම රටේ ස්වදේශික නිෂ්පාදන බලගැන්වීමට කල්පනා කරන අපි සියලුදෙනාගේම වැදගත් අවශ්‍යතාවක් ලෙස මා දකිනවා.
1977 දී බලයට ආපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රටේ දේශපාලන තත්ත්වය වෙනස් කළා.ලෝකයේ බොහෝ රටවලින් ණය අරගෙන, ඒ ණය වියදම් කරලා සංවර්ධන කටයුතු කරන ගමන් ලැබෙන අමතර ප්‍රතිලාභ යටිමඩි ගහන සංස්කෘතියක් එමඟින් හැදුනා. එතෙක් බොහෝ දුරට ගරු කටයුතු තත්වයක තිබුණු රටේ දේශපාලනය සහ රාජ්‍ය අංශය මුදල පසුපස හඹා යන තරගයකට එමඟින් තල්ලු කෙරුණා. ඔබට මතක ඇති අපේ රටේ විවෘත ආර්ථිකයට දොරටු විවර කළේ කිසිදු සීමා කිරීමකින් නොවෙයි. විවෘත ආර්ථික සුළඟට එදා එන්න ඉඩ හැරියේ අපේ ඇඳිවත පවා ගලවා ගෙන යා හැකි අන්දමටයි. ජපානය වැනි රටක් පවා විවෘත ආර්ථික පිළිවෙත සමඟ යම් ආරක්ෂණවාදී පියවර ගන්නවා. අදටත් එරට කෘෂිකර්මාන්තය බිඳ නොවැටී පවත්වා ගැනීමට සහල් ආනයනයට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. නමුත් අපේ රටට විවෘත ආර්ථික සුළඟ හැමුවේ දාස මුදලාලිලා එමගින් ගහගෙන යන විදිහට, යුනික් රේඩියෝව පැත්ත පළාතක තබා ගැනීමට නොහැකි වන අන්දමට හා අවසානයේ සියලු දේශීය නිෂ්පාදන කඩා වැටෙන අන්දමටයි. විදේශ නිෂ්පාදන ගෙනැවිත් පරිභෝජනය කිරීම, අලෙවි කිරීම එකම ක්‍රමය වන විදිහට රටේ දේශපාලන කාලගුණ තත්ත්වය වෙනස් වුණා
1977 ඒ ආර්ථික සුළි කුණාටුව ආවේ කොහොමද? 1970-77 කාලයේ තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුවක්. දේශීය නිෂ්පාදකයන් බලගන්වන ආණ්ඩුවක්; ස්වදේශිකත්වයට පණ දුන් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ සිටියා ‘ෆීලික්ස් ඩයස්’ කියා කෙනෙක්. ඒ මහත්තයා කල්පනා කළා ‘වමේ පක්ෂ පන්නා දමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි පාලනයක් පවත්වා ගෙන යන්න පුළුවන් වේවි’ කියා. ඒ අනුව ඔහු ලංකා සමසමාජ පක්ෂය එළියට වැට්ටුවා. ඊට පසුව කොමියුනිස්ට් පක්ෂය එළියට වැට්ටුවා. අන්තිමේ 1977 දී ‘ජූනියස් රිචඩ් ජයවර්ධන’ ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 08ට බැස්සා. එතෙක් තිබුණු මේඩ් ඉන් ශ්‍රී ලංකා ගමන වෙනුවට, ‘බල්ලො මරලා හරි සල්ලි හොයමු! පිටරටින් දේවල් ගෙනල්ලා කාලා බීලා ජීවත් වෙමු!’ කියන කෙටි චූන් ගමන ආරම්භ වුණා.
ඒ ගමන ආරම්භ වීමට හේතුවක් වුණා ෆීලික්ස් ඩයස්ගේ උද්දච්ච මනස. එදා ෆීලික්ස් ඩයස්ගේ නොමේරූ මනස ඉවහල් වුණා ජූනියස් රිචඩ්ට මේ රටට අහිතකර විනාශකාරී පාරක් නිර්මාණය කිරීමට. එදා ෆීලික්ස් ඩයස්ට ඒ උද්දච්ච අසනීපය නොහැදුණානම්, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය රැකුණානම්, ජූනියස් රිචඩ් පරිච්ඡේදයක් මේ රටේ ආරම්භ වන්නේ නැහැ. ඒ නිසා ජූනියස් රිචඩ් පරිච්චේදයට පාර කැපුවේ වෙන කවුරුවත් නොවෙයි ෆීලික්ස් ඩයස්, ඔහුගේ උද්දච්ච මනස. ඒ දේශපාලනය තමයි අවසානයේ ‘දාස මුදලාලිලාට’ හෙනයක් වුණේ. ඒ දේශපාලනය තමයි ස්වදේශික නිෂ්පාදකයා සුන්නද්ධූලි කරලා විදේශ නිෂ්පාදන මේ රටේ වෙළඳපොළ අත්පත් කර ගන්නේ. ඒ දේශපාලන වරද නිසා තමයි, කිසිදු පාලනයකින් තොර නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් මේ රටට කඩා වැදුණේ, දේශීයත්වය නැත්තටම නැති වුණේ. ‘ආත්මාර්ථකාමී, බල පෙරේතකමින්’ තොර දියුණු මනසක් ෆීලික්ස් ඩයස්ට තිබුණානම් මොන නිදහස් වෙළෙඳපොළ සුළඟ ආවත් ඔරොත්තු දෙන දේශීය නිෂ්පාදන ගස් ටිකක් මේ පොළොවේ පැල වී තිබෙනවා. එතැනට යන්න බැරි වුණේ ජූනියස් රිචඩ් ජයවර්ධන නිසා පමණක් නොවෙයි, එතැනට පාර කැපූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලාත් නිසයි”
– විමල් වීරවංශ
2021-03-31
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...