පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරමින් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවත්වුණි.
එහිදී අග්‍රාමත්‍යවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් කොරෝනා වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කළ යුතු බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.
පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 අශ්‍රේණිය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා එහිදී අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...