දේශීය පුවත්

අතුරලියේ රතන හිමි ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,ටිරාන් අලස් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්දඅලුත්ගමගේ යන මහත්වරු ද ඇතුළු පිරිසක් ඊයේ(13) පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදි සාකච්ඡාවක් පවතවා ඇති බව වාර්තාවේ.

එහිදී පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් බව වාර්තා වේ .

රැස්වූ සියළු දෙනා එකඟතාවය පල කර ඇත්තේ තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තීරණයක් නොව පොදුවේ ආණ්ඩුව ගත් තීරණයක් බැවින්,ගම්මන්පිල මහතා වෙනුවෙන් දිගටම පෙනීසිටීමට බව වාර්තා වේ. .

එහිදී පක්ෂ නායකයන් වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමට බවද වාර්තා වෙි.

තෙල් මිල වැඩි කිරීමෙන් පිඩාවට පත්ව ඇති දිළිඳු ජන කොටස් වෙත අත්‍යවශ්‍ය ආහාර ඇතුලත් සහන මල්ලක් දීමටද රැස්වූ පක්ෂ නායකයින් යෝජනා කර ඇතැයි ද වැඩිදුරත් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More