අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ( ICC Hall of Fame) හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය ඊයේ (13) කටයුතු කළ අතර ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීවයි මෙම නම් කිරීම සිදු කර ඇත.
ඔහුට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු ද අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය අද කටයුතු කළා.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, එහිදී 1918 වසරට පෙර කාලය, 1918 – 1945 කාලය, 1946 – 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 – 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.
කුමාර් සංගක්කාර අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි.1918 වසරට පෙර කාලයට අදාළව දකුණු අප්‍රිකාවේ Aubrey Faulkner හා ඔස්ට්‍රේලියාවේ Monty Noble අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කෙරුණි.
1918 – 1945 කාලයට අදාළව ඊට ඇතුළත් කෙරුණේ බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Learie Constantine සහ ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක Stan McCabe.
1946 – 1970 කාලය සදහා අද දිනයේ දී අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට එංගලන්තයේ Ted Dexter සහ ඉන්දියාවේ Vinoo Mankad ඇතුළත් කර ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Desmond Haynes හා එංගලන්තයේ Bob Willis 1971-1995 කාලයට අදාළවයි අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
සිම්බාබ්වේ හි ඇන්ඩි ෆ්ලවර් සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර 1996 – 2016 කාලයට අදාළව ඊට ඇතුළත් කර ඇත.
ඒ අනුව මේ වන විට ක්‍රීඩකයින් 103 දෙනෙකු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර .ශ්‍රී ලංකාවෙන් මීට පෙර ඊට ඇතුළත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් පමණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...