දැනට ලෝකයේ පවතින විශාලතම කොමියුනිස්ට් පක්ෂය 1921 අගෝස්තු මස 1 වෙනිදා පිහිටුවනු ලැබූ චීන කොමියුනිස්ට් පක්ෂය බව දේශපාලන විචාරක මතයයි. එතැන් පටන් චීන කොමියුනිස්ට් පක්ෂය පැමිණි ඓතිහාසික ගමන තුල චීන ජනයාට ලබාදුන් පළමු විශාලතම ජයග්‍රහනය ලෙස සැලකෙන්නේ චීන විප්ලවය ජයග්‍රහණය කරවා චීන සමාජවාදී සමූහ ආණ්ඩුව පිහිට වීමයි.
එතැන් පටන් චීන ජනයාට මෙන්ම සමස්ත ලෝක ජනයාට ලබා දුන් ජයග්‍රහණ එක පිට එක වීම බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වන සංවත්සරය සමරණු වස් ජූනි මස 15 වෙනිදා සවස 04:00 සිට ශ්‍රී ලංකාවේදී සූම් තාක්ෂණය ඔස්සේ සැමරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කටයුතු යොදා ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යයම කාරක සභාවේ ජාත්‍යයන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂක සොන්ග් තාඕ මහතාගේ අනුශාසකත්වයෙන් එම අංශයේ නියෝජ්‍යය අධ්‍යයක්ෂකවරයෙකුගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ක්ව්යි සෙන් හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වන සැමරුම පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍යය ජී වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ අමාත්‍යය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යය විමල් වීරවංශ, අමාත්‍යය වාසුදේව නානායක්කාර, අමාත්‍යය උදය ගම්මන්පිල, හිටපු අමාත්‍යය ඩිව් ගුණසේකර, හිටපු අමාත්‍යය තිස්ස විතාරණ, අමාත්‍යය ඩග්ලස් දේවානන්ද ඇතුළු පක්ෂ 14ක නියෝජිතයෝ සුභ පැතුම් දෙසුම් පැවැත්වීමට නියමිතය. ලොව පුරා විසිරී සිටින චීන කොමියුනිස්ට් පක්ෂයට සුභ පතන්නන් හට සූම් තාක්ෂණය ඔස්සේ පහත සබැඳියාව ඔස්සේ මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය හැක.
Join Zoom Meeting
https://zoom.us/j/8837988129?pwd=NlJxU0pobFZUZUt1cDdXUjRaaWVpZz09
Meeting ID: 883 798 8129
Passcode: 8888
සජීව විකාශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...