දේශීය පුවත්

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනයේ දූපත් ආශ්‍රිතව මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතිම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මඟින් යාපනයේ දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශය තුළ කෘතිම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මානය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ 20ක් මුහුදේ ගිල්වීම සිදු කරන අතර මේ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුර’ කැණීම් නෞකාව භාවිතා කළ අතර මෙම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් ධාවනයෙන් ඉවත් කළ බස් රථ 4ක් ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව ස්ථානගත කිරීම සඳහා (11) වන දා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදී
මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම අපේක්‍ෂා කරන අතර, මේ සඳහා ඉදිරියටත් නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනු ලබයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More