ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය හේතුවෙන් තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) මිට ස්වල්ප මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බව පවසා සිටියේය.
විෂය භාර අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම
භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ(12) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
එහිදී සාගර කාරියවසම් මහතා පහර දෙන්නේ තමාට නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ පළමු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් අගමැතිවරයාටත් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.
ඒ අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් ද සාගර කාරියවසම් මහතා ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇති බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ තීන්දුව ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහභාගී වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුරුන්දැයි නම් කරන ලෙස තමා සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...