දේශීය පුවත්

අඟුණකොළපැලැස්ස, වැලිකඩ යන බන්ධනාගාර ඇතුළුව බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට තම ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන පරිදි වෙබ් අඩවියට සිරකරුවගේ නම සහ අංකය ඇතුලත් කළ පසු ලැබෙන අංකයට දන්වන වෙලාවට සූම් පහසුකම ඔස්සේ සම්බන්ධ විය හැකිය.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා,
“පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි නම්බරයක් සහ වෙලාවක් ලබා දෙනවා. ඒ වෙලාවට ආපුවාම සිරකරු සමග කතාබහ කරන්න ඒ ඥාතියට අවස්ථාව තියෙනවා.”
මේ අතර දිවයිනේ සියලුම බන්ධනාගාර නිලධාරීන්ට කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බවත්, බන්ධනාගාර රැඳවියන්ට එන්නත ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර නිරෝධායනයට යොමු කිරීමේ ක්‍රමවේදයක් පමණක් ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More