දේශීය පුවත්

පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට හොරු වීරයෝ වී ඇති බවත් වීරයෝ හොරු වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. කඩවත පහළ බියංවල චිත්ත විවේකාශ්‍රමයේ අද පැවැති ප්‍රජා සත්කාරක වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ හොරු ඇල්ලීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුන් පොරොන්දුද මේ වන විට ඉෂ්ට නොවී ඇති බවයි.

“මේ රටේ ජනතාව රටේ ආණ්ඩුව ජනාධිපතිතුමායි අගමැතිතුමාටයි භාර දුන්නේ මේ රටේ හොරු අල්ලලා ඉදිරියට ගෙනියන්න. නමුත් තවමත් ජනාධිපතිතුමායි අගමැතිතුමායි දුන්න පොරොන්දු ඉටු කරලා නැහැ. ඒක රටේ අවාසනාවක්. අද හොරු වීරයෝ වෙලා. වීරයෝ හොරු වෙලා. පසුගිය ආණ්ඩුවේ හොරකම් කළ අය නිදැල්ලේ ඉන්නවා. දැන් අවුරුදු තුනහමාරක් වෙනවා. තාම අපිට පසුගිය කාලේ හොරෙක් අල්ලා ගන්න බැරි වුණා. ඒක අපේ රටේ අවාසනාවක්. නමුත් අනෙක් පැත්තෙන් මම සන්තෝෂ වනවා මේ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව ඇතුළේ ඉන්න හොරුවත් ඇල්ලීම ගැන. අර්ජුන ඇලෝෂියස්ලාගෙන් සල්ලි ගත්ත 118ක් ඉන්නවානම් ඒ නම් 118 අනිවාර්යෙන්ම එළියට දාන්න ඕන. ඇත්තටම දැන් සමහර අය ලොකුවට කෑ ගැහුවට ඒ ගොල්ලන්ගෙත් රෙදි ගැලවිලා තියෙන්නේ……”

විසිවැනි සංශෝධන යෝජනාව ගැන තවම ස්ථිර ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකිය. රටට වඩාත් අවශ්‍ය වන්නේ රටට හිතැති ව්‍යවස්ථා වෙනසකි. 2020දී රටේ නායකයා වෙන්නේ කවුරුන්ද යන්න එම අවස්ථාවේදී තීරණය වනු ඇති බවද අමාත්‍යවරයා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

“මම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ කෙනෙක්. නමුත් විධායක ජනාධිපති ක්‍රමයේ හොඳ දේවලුත් තියෙනවා. නරක දේවලුත් තියෙනවා. විශේෂයෙන්ම නරක පුද්ගලයෙක් විධායක ජනාධිපති ධුරයට පත් වුණොත් ඔහු විධායක ජනාධිපති ධුරයේ බලතල වැරදි විදියට භාවිත කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව ගත් විට එය සුරක්ෂිත වීම සඳහා විධායක ජනාධිපති ක්‍රමයෙහි බලතල විශාල වශයෙන් බලපානවා. ඒ නිසා මේ සියලු දෙයම සලකා බලා තමයි අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමකට යා යුත්තේ…..”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More