දේශීය පුවත්

එන්නත් කරන ක්‍රමවේදයෙන් පරිබාහිරව ඇතැම් දේශපාලඥයින්ගේ පුද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ වයඹ පළාත තුළ සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙන බවය.
මේ අතර දේශපාලකයින්ගෙන් යම් යම් උපකාර ලබාගැනීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන් විසින් තිබෙන බලය අවභාවිතාවක් කරන බව මෙන්ම එය වයඹ පළාත තුළ සිදුවීමෙන් මනා ලෙස පෙන්නුම් කෙරෙන බවද සඳහන් කරයි.
උපුල් රෝහණ මහතා ,
“මේ ලැබුණු එන්නත් තොගය මේ රටේ මරණ අඩුකර ගැනීමට සහ රෝගීන් අඩුකර ගැනීමට භාවිත කරනවා වෙනුවට දේශපාලකයින්ගෙන් යම් යම් උපකාර ලබා ගැනීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විසින් භාවිත කරන ආකාරය පේන්න තියෙනවා. වයඹ පළාත තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මේකට හොඳ උදාහරණයක්. ඊයේ අපිට වාර්තා වුණා ඇතැම් දේශපලකයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ එන්නත් ලබා දෙනවා පුත්තලම දිස්ත්‍රික්කයේ.”(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More