මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක් මාධ්‍යය වෙත අදහස් දක්වමින් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද්දක් නොවන බව අවධාරණය කළේය.
එහිදී එම නිලධාරියා අවධාරණය කර සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතිය මත ඉන්ධන මිල වැඩි කිරීම මෙරට නීතියක් බවට පත් වූ බවයි.
ඔහු තවදුරටත් අදහස් දවමින් පවසා සිටියේ ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව ඉන්ධන මිල වැඩි කිරීමට සහ ඉන්ධන මත බදු පැනවීමට පූර්ණ බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවය.
එනිසා මෙවර ඉන්ධන මිළ ඉහළ දැමීම මුදල් අමාත්‍යාංශය විසින් නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුව සිදුකරන ලද්දක් මිස බලශක්ති ඇමතිවරයා වන ගම්මන්පිල මහතා විසින් පමණක් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදුකරන ලද්දක් නොවන බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවසන් බලධාරියා වන්නේ නිල බලයෙන් මුදල් අමාත්‍යවරයා බවත් ඒ අනුව මෙවර මිල වැඩි කිරීමේ අවසන් බලධාරියා මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම ප්‍රකාශකවරයා පැවසීය.
අවසානයේදී ඔහු පෙන්වා දුන්නේ ඉන්ධන මිල වැඩි කිරිමේ මාධ්‍ය හමුව සදහා මුදල් රාජ්‍ය ඇමතිවරයා සහභාගි වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...