පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (12) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇය 41ක් හැවිරිදි කරුපයියා නිර්මලා ලෙස හඳුනාගෙන ඇති බවය.
කරුපයියා බාලන් හෙවත් තෙල් බාලා නැමැති මෙරට අපරාධ රැසක් සිදුකිරීමෙන් අනතුරුව ඉන්දියාවට පළාගොස් සිට 2017 පෙබරවාරි 28 වන දින මියගිය සැකකරුගේ දියණිය බවට ද ඇයව හඳුනාගෙන ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටී.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ සැකකාරිය මේ වනවිට කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...