දේශීය පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බවයි.

එම ලිපිය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රි යාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් තිබෙන බවත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බවත්ය.

නිවසකින් පිටව යන පුද්ගලයින් අවම කරමින් සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාකළ යුතු අතර සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ විවෘතව ඇති ආයතන ආශ්‍රිතව පී.සී.ආර් පරීක්ෂණ ඉහළ නැංවිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ කොවිඩ් ව්‍යාප්තිය බහුල රටවල හා මාරාන්තික, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවල සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා නොදිය යුතු බවයි.

සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා අහඹු ලෙස සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය ලිපියෙන් අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More