ලබන තුන් වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
ආණ්ඩුවේ සිටින සෙසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පිරිසද ඉවත් කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි. ආණ්ඩුවෙන් ඉවත් වීමට අකමැති පස් හය දෙනෙකු එක්සත් ජාතික පෂක්‍යට එක්වනු ඇති බවත් සදහන් කරන මන්ත‍්‍රීවරයා ඉන් පසු විපක්‍ෂය සමග එක් වී ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කරන බවද කියා සිටී.
පසුගිය 17දා රාත්‍රියේදී රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ලබන 03වනදා මධ්‍යම කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ද තීරණය කළේය. පක්ෂයේ ඉදිරි කටයුතු පුර්ණ එකඟත්වය මත සිදුකල යුතු බවත් එහෙයින් පක්ෂයේ තනතුරු සඳහා ඡන්ද විමසීම් සිදුකිරීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට මාධ්‍ය කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...