දේශීය පුවත්

ඉන්ධන මිළ ඉහළ දැමීමේ වගකීම අමාත්‍යය උදය ගම්මන්පිල මහතා විසින් භාර ගෙන ඛණිජ තෙල් අමාත්‍යය දූරයෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවට පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් මාධ්‍යයට නිකුත් කළ ලිපිය පිළිබඳව ලංකා ලීඩ් පුවත් අඩවිය විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් ලබා දුන් පිළිතුර වන්නේ, ” සාගර කාරියවසම් මහතාගේ ලිපිය කියවන විට  දශක කිහිපයකට පෙර ජාතික පුවත් පතක පළවූ “පොඩි එකාගේ ලියුම” නම් කොළම මට මතක් වෙනවා.අපේ රටේ දේශපාලකයෝ නිරන්තරයෙන් ජනතාවට විහිලු සපයනවා.ඒක ඔවුන්ගේ මූලික චර්යාව බවට පත්වෙලා.එහෙත් මොළේ කළඳක් හරි තියෙන අය ඒ විහිලු වල සීමාව තියාගන්නවා. ඒක නැති වුනහම තමයි “ජෝකර්ලා” කියන වචනයෙන් ඒ අයව හඳුන්වන්නේ. එතුමා කියන විදියට ගම්මන්පිල මහතා පමණක් නොවෙයි,සමස්ත ජීවන වියදම් පිළිබඳ අමාත්‍යය මණ්ඩල උප කමිටුවටම ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. ආණ්ඩුවට මුහුණ දීමට නියමිත බරපතල අර්බූද පිළිබඳව සිතන විට මේ වගේ අයවළුන්ට එම ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන්ද කියා ප්‍රශ්නයක් මතුවෙනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More