ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බවයි.
එම සාකච්ඡාවේදී චන්ද්‍රනාත් අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බවයි.
චීන මහ බැංකුවෙන් විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදල මෙරටට මාසයකට සෑහෙන ආනයන සඳහා ප්‍රමාණවත් බව පැවසූ ඔහු ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම හිමිවන බවද පවසා සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේදී ලබා ගැනීමට නියමිත බවද කියා අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...