ඒකාබද්ධය තුළ මතභේද ඇති කර කුඩා පක්‍ෂ ඉන් ඉවත් කරවීම සදහා ආණ්ඩුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙහිදී විශේෂයෙන්ම ජනතාවාදී දේශපාලන ධාරාව නියෝජනය කරන දිනේෂ් ගුණපවර්ධන හා විමල් වීරවංශ යන පක්‍ෂ නායකයන් ඒකාබද්ධය හා බිදවීම කෙරෙහි අවධානය යොමුවී ඇත.
ජාතිකවාදී ඡන්ද ඇති බහුතරය මේ වන විට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂවය. ඒ නිසා දිනේෂ් සහ විමල් ඒකාබද්ධ සන්ධානයෙන් ඉවත්වුවහොත් මෙකී ජාතිකවාදී ඡන්දවල බෙදීමක් ඇතිවීම වැලැක්විය නොහැකිය.
මේ සම්බන්දයෙන් මූලික සැළසුම සකස්කොට ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිගේ නිවසේ පසුගියදා පැවති සාකච්ඡාවක දීය. එසේම ඒකාබද්ධයේ සියලුම නායකයින්ට ඇති ජනප‍්‍රසාදය නැති කිරීම සදහාද ප‍්‍රචාරක වැඩපිළිවෙලක් අවශ්‍ය බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරී ඇත. ඒ අනුව ඒකාබද්ධයේ දේශපාලනඥයන්ට එරෙහිව නඩුවක් පැවැත්වෙන දිනයට පෙර ඔහු ඉලක්ක කර මාධ්‍ය හරහා ප‍්‍රහාරාත්මක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට තීරණයවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...