තොරතුරු දැනගැනීමේ පනත යටතේ බැඳුම්කර ගනුදෙනුවේදී මුදල් ලබාගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රිවරයා පැවැසුවේය. කෙසේ වෙතත්, මේ තොරතුරු හෙළි කිරීම තමාගේ වගකීමක් බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර පැවැසුවද එය සිය වගකීමක් නොවන බවත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ කොමිෂන් සභා වාර්තාවේ පිටු සියල්ල ජනාධිපති ලේකම්වරයා සතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබෙන බවත් ඔහු පැවැසුවේය.
එසේම බැඳුම්කර ගනුදෙනුවේදී පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා ඇතුළුව ඡන්ද ව්‍යාපාර සඳහා අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 1.3ක මුදලක් වියදම් කර ඇති බවද මෙවැනි අතිවිශාල මුදලක් බෙදී ගිය ආකාරය සොයා බැලිය යුතු බවද මන්ත්‍රිවරයා පැවැසුවේය.
මැතිවරණ ව්‍යාපාර සඳහා ව්‍යාපාරිකයන් ඇතුළු අනියම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධව නීති ගෙන ඒමේ අවශ්‍යතාව පිළිබඳ ශ්‍රී ලනිපයෙන් විපක්ෂයට ගිය මන්ත්‍රිවරු දහසය දෙනාගේ අවධානය යොමු වී ඇති බවත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් පසුවන බවත් දයාසිරි ජයසේකර පැවැසීය.
ඒ අනුව නුදුරේදීම මේ සඳහා නීති සම්පාදනය කිරීම පිණිස වන පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස හෝ එය ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...