දේශීය පුවත්

ගතවුණු මාස හයක කාලය තුළ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය දැරූ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේහැට හත්දාහක් ඡන්දය දීපු ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න සමත් වුණා ද? කියන එක පිළිබඳව ප්‍රශ්නයක් පක්ෂය ඉදිරියේ තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු අද (11) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

පක්ෂයක් හැටියට ගත් සමහර තීන්දු තීරණ පිළිබඳව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හැටියට පූජ්‍ය අතුරලියේ රත්න ස්වාමින්වහන්සේව වාචික, ලිඛිතව දැනුම්වත් කලත් බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් උන්වහන්සේ සාධනීය ප්‍රතිචාරයක් දැක්වුවේ නැති බවත් මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වුවේ මේ ආණ්ඩුවට මුක්කු ගැසීම නොවන බවත් අවධාරණය කර සිටි ජාතික සංවිධායකවරයා සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන එන ඕනෑම අණ පනතකදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව ශක්තිමත් කරන අතරේම ජනතා විරෝධී, දේශද්‍රෝහී, රටට විනාසයක් වෙන, සිංහල බෞද්ධයාට වල කපන දේවල් වලදි ආණ්ඩු විරුද්ධව කටයුතු කිරීමට මෙම ජනවරම ලැබී ඇති බව සඳහන් කළේය.

“අපි දැක්කා රතන ස්වාමින්හන්සේ පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවට සහයෝගය දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි දැක්කා පක්ෂයේ අවසරයකින් තොරව උන්වහන්සේ පක්ෂ නායක රැස්වීම් වලට සහභාගි වෙලා යම් යම් දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි දැක්කා පාර්ලිමේන්තුවේදී උන්වහන්සේ පෝට් සිටි පනතට පක්ෂව ඡන්දය දුන්නා. ඒ සම්බන්ධයෙන් දේශපාලන බල මන්ඩලය සාකච්ඡා කර තීරණයක් ගත්තා වරාය නගර පනතට විරුද්ධ වෙන්න. විශේෂයෙන්ම ජනතාවගේ මතයට අනුව ඒ වෙලාවේ අපිට සහයෝගය දෙන්න හැකියාවක් තිබුණේ නෑ. අපි ඒ ගැන උන්වහන්සේ දැනුම්වත් කළා ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්න මේ පොර්ට් සිටි පනතට විරුද්ධව ඡන්දය දෙන්න කියලා. එත් උන්වහන්සේ පක්ෂයේ මතය පාවාදෙමින් උන්වහන්සේගේ පෞද්ගලික අභිලාෂය සඳහා පනතට සහයෝගය දුන්නා.”

“සහයෝගය දුන්නේ ඇයි කියන එක පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි උනොත්, මේ පිළිබඳව තිබෙන විශාල කුමන්ත්‍රණය මොකද්ද කියලා අවශ්‍ය මොහොතේදී කතා කරන්න අපි සූදානම්. තවමත් කැමති නැහැ මේක මට ගොඩක් බවට පත් කරගන්න. මොකද පක්ෂයේ මන්ත්‍රී ධුරයේ ගරුත්වය ආරක්ෂා කරගෙන මේ මන්ත්‍රීධූරය මේ රටේ හෙට දවස නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාරය බවට පත් කරන්න අපිට අවශ්‍යතාවය තිබෙනවා. අපි ශක්තිමත් ව කටයුතු කරන්න ඕන. ඒ නිසා මම විශ්වාස කරනවා මේ 67000 ක ජනතාවගේ සැබෑ ජනමතය පාර්ලිමේන්තුවට ගෙනියන්න ජනතාව වෙනුවෙන් සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක් නගන්න මේ මන්ත්‍රීධූරය පාවිච්චි කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න කියලා රතන හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More