දේශීය පුවත්

ලංකාවෙ ගෙවිතැනට පොහොර ලැබුණෙ හිරු එළියෙන් ජලයෙන් වාතයෙන් මහ පොළවෙන් සහ විශ්ව ශක්තියෙනි.මේ පංච සාරය කළමනාකරණය කර ගනිමින් ආහාර නිෂ්පාදනය කළ පැරණි ජනතාව කිසිවටක රජයට බරක් වූයේ නැත. රජු කළ යුතුව තිබුණේ කලට වැසි සඳහා පූජා උත්සව සංවිධානය කිරීමත් මහ වැව් සාදා ඇළ මාර්ග වලින් ජලය ගෙන දීමත් ධාර්මිකව රට පාලනය කිරීමත්ය.පොලෙන්නරු යුගයේ වාහල්කඩ වැනි මහා වැව් වලින් පෝෂණය වූ කෙත්යායන් ගෙන් ලැබුණු සහල් විදේශයන්ට පවා ගෙනගියහ.

සිංහල රජ පෙලපතට වඩා පෘතුගාලයේ රජුද ඒංගලන්තයේ මහ රජුද මහත් ඉහළින් පිළීගැනීමෙන් අපට රජෙක් නැති විය. යළි රජෙක් පත් කරගන්ට ගොස් පරාජය වුණ කල්හි ගම් බිම් කෙත්වතු පාලු කරමින් හරකබාන මරා ළිං වලට දැමීමෙන් කළ පළිගැනීම නිසා මහා වැව්ද කුඩා කුඩා ගම් වැව් ද වල් බිහි වී සිංහල ජනගහනයෙන් අඩක් විනාශ මුඛයට පත් විය. මේ සුන් බුන් අතරින් නැගණු රටේ කෝපි රබර් තේ සිටුවමින් කල පරිවර්තනය උඩ සිංහලයා ගොවිතැනින් ඉවත් විය. සුද්දා ගේ වහල් සේවයට ලිපිකාර කමකට ඉංග්රීසි කට ගා ගැනීමට නගරයට සේන්දු වුණ බහුතරයකට සිදු වූයේ සුද්දා ගේ න්‍යාය පත්‍රය අනුව වැඩ කිරීමටයි.

රබර් ගසට ඇමෝනියම් සල්පේට් ආනයනය කරන ලද්දේ විසිවන සියවස මුල් භාගයේ දීය. අනතුරුව 1912 දී තෘණ විද්‍යා දෙපාර්තමේන්තුව වශයෙන් තිබුණ ආයතනය කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව බවට පත් කොට නවීන කෘෂීකර්ම ක්‍රම අනුව ගොවිතැන මෙහෙයවන්නට පටන් ගත්හ. පණහේ දශකෙයේ මූල් භාගයේ සිට භෝග නවීකරණය කරමින් දෙමුහුන් කරමින් ඇරඹි හරිත විප්ලවයට ශක්තියක් වන්නට 1951 දී පොහොර සහනාධාර ක්‍රමය ඇති කරන ලදහ. ඒ සමගම ගොවි ජනපද ව්‍යාපාර වල ගොවීන්ට මිනිකිට් එකක් නොහොත් කෘෂී රසායන පැකේජයක් නොමිලේම බෙදා හරින ලදහ.ගොවීන් මේ ක්‍රමයට කීවේ මිනී කටු ව්‍යාපාරය කියලයි. මේ ක්‍රමය මුලදී එතරම් ජනප්‍රිය වූයේ නැත. සාම්ප්‍රදායික ගොවීහු රසායනික පොහොර දැමීමට මැලිකමක් දැක්වූහ.ඒ සමගම නව දෙමුහුන් ප්‍රභේද ඉදිරියට පැමිණීමත් සමගම රසායනික පොහොර භාවිතය අත්‍යවශ්‍ය යැයි ප්‍රකාශ කරනු ලැබිණ.1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුව මේ ක්‍රමය හිස් මුදුනින් පිළීගනිමින් පිලිපීනයේ අන්තර් ජාතික සහල් පර්යේෂණායතනය සමග ගිවිසුම් පවා අත්සන් කළහ. කෘෂි රසායන ගොවීන්ට පුරුදු කිරීමට ගමේ විහාරස්ථානය හොඳම තැන යැයි මේ මෙහෙයුම කරන පුහුණු කරුවන්ට වැටහී තිබුණි.

ගොවි සමිති රැස් වූයේ පන්සලේය. නවීන යෙදවුම් භාවිතයෙන් අත්වන වාසි ගැන නිළධාරීන් කියන විට විහාරාධිපති ස්වාමීන් වහන්සේද ඒවා හිස් මුදුනින් පිළිගත්හ. කෘෂි රසායන නිසා සිල්පද කැඩෙන ආකාරය කියා දෙන්නට උන්වහන්සේලාට මතක් නොවීම අවාසනාවකි. මේ ආකාරයට දශක තුනක් තිස්සේ කල මෙහෙයුම නිසා අසූව දශකය වන් විට නව බීජ වර්ග යෙදවුම් සියල්ල ගොවීන් ගේ හිත මිතුරන් බවට පත් වී තිබුණි.නමුත් මේ යෙදවුම් සමග ගොයමට ලෙඩ රෝගද ගොවියාට වකුගඩු රෝගද පසුපසින් පැමිණුන බව දැන ගත්තේ තවත් දශකයක් පමණ ගතවූ පසුව බව දැන් අප කවුරුත් දනිමු.

මේ ව්‍යසනය නවත්වාලීමට නම් අපි නැවත ගොවිතැන කරා යා යුතුය. එය අපගේ ජීවන රටාව බවට පත් කරගතයුතුයි.කාබනිකද පාරිසරිකද යන්න නොව සුවපත් දිවියකට සොබාදහමට හිතකර දිවියක් ගත කිරීමට මෙකී සිංහල ගොවිතැන අවශ්‍යය වෙයි. රජය එයට සූදානම්ද? නැත. රජයට අවශ්‍ය සිංහල ජීවන රටාව නැවත ස්ථාපිත කරලීම නොව රසායනික යොදවුම් නොමැතිව නාගරික කැලි කසල වලින් තැනූ කොම්පෝස්ට් වලින් ගොවිපළවල් පිරවීමයි.පොහොර කොම්පැණි බිහිවූ මුල් කාලයේ යම් ස්වාධීනතවයක් රජයට තිබුණි. ඒ රජයේ පොහොර ආයතනයක් නිර්මාණය කර ගැනීමෙනි.මේ ආයතන විකුණා දමා රජයේ ගොවිපළවල් කුණු කොල්ලයට සමාගම් වලට දුන් පසු ඒ ස්වාධීනත්වය අහෝසි විය. මේ කුමන්ත්‍රණය දිගින් දිගටම සිදු වෙයි.

දශක හතරක් පමණ තිස්සේ අඛණ්ඩව රසායනික පොහොර සමග ගනුදෙනු කළ ගොවීන් ඉන් මුදවා ගැනීමට චින්තන විප්ලවයක් අවශ්‍ය වේ. කාල රාමුවක් අනුව වැඩ කිරීම අවශ්‍ය වේ. ජාතික අභිමානයෙන් යුතු නිළධාරීන් පිරිසක් සහ විද්වතුන් පිරිසක් අවශ්‍ය වේ. ඒ සඳහා රජය සූදානම් නැත. අවසානයේ සිදු වනු ඇත්තේ ගොවිතැන අත හැරීමට ජනතාවට පෙළඹීමක් ඇති වීමයි.ඉඩම් අත්හළ ගොවීන් නගර වලට දක්කන පෝට් සිටියට දක්කන සැලසුම් පැමිණීයේ අද ඊයේ නොවේ.රනිල් වික්‍රමසිංහ ගේ රීගේනීන් ශ්‍රී ලංකා සැලැස්මේද එය තිබුණි. ගෝඨභායට ඒ සැලැස්ම හොඳින් කළ හැකි බවට ඇමරිකාවත් චීනයත් දැන් දනී. රුවන්වැලි දිවුරුම අහෝසි කිරීම සිදු වන්නේ මේ සැලැස්ම සාර්ථක වූ දිනකදීය.
මතුගම සෙනෙවිරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More