දේශීය පුවත්

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) නව සොයාගැනීම් දේශීය වශයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

දේශීය විද්‍යාඥයන් දේශීය තාක්ෂණික දැනුම ඔස්සේ පර්යේෂණ මගින් සොයාගනු ලබන දෑ වලින් සකසනු ලබන නව නිෂ්පාදන නියමානුකූලව දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙනයාමේ මාවත ගොඩනැගීම අතිගරු ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ බලාපොරොත්තුව යි.

ඒ අනුව යමින් විද්‍යාත්මක කරුණු ඔස්සේ දේශීය තාක්ෂණය උපයෝගී කරගනිමින් දේශීය විද්‍යාඥයන් විසින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන පිළිබඳව සොයාබලා ඒවා වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) එක්ව ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ දේශීය විද්‍යාඥයන් විසින් නව පර්යේෂණ ඔස්සේ සොයාගෙන තිබෙන නව දැනුම දේශීය වශයෙන් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවිය.

මේ වන විටත් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය නව තාක්ෂණය උපයෝගී කරගනිමින් විවිධ පර්යේෂණ ඔස්සේ නිෂ්පාදන රැසක් එළිදක්වා තිබේ.

ඒවා දේශීය හා විදේශීය වෙළඳපොළට රැගෙනයාම්දී මුහුණ පෑ හැකි ප්‍රායෝගික ගැටළු පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඊට අමතරව දේශීය විද්‍යාඥයන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර තලයට රැගෙනයාමේ කටයුත්ත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මෙම නිෂ්පාදන කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දියහැකි ආකාරයට නිපදවීමට සැලසුම් කරනවා.

ඒ සම්බන්ධ අපේ දේශීය විද්‍යාඥයන්ට මනා දැනුමක් තිබෙනවා. එම දැනුම ප්‍රයෝජනයට ගත යුතු යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More