දේශීය පුවත්

පෙරේදා රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් එම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත් වී සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා පවසා සිටින්නේ තම නිලධාරීන් එම රාජකාරි වල කටයුතු කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දැක්වීම නිසා මෙම තීරණය ගත් බවයි.

ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සෙසු නිලධාරීන් එන්නත් කරන වැඩපිළිවෙලට සම්බන්ධ වීම අනවශ්‍ය අතපෙවීමක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා ඇතැයි ද ඔහු පැවසීය.

තම නිලධාරීන් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන් වලින් ඉවත් වීම හේතුවෙන් එම වැඩසටහන් ඊයේ දිනයේ අවුල් ජාලාවක් බවට පත්වී තිබුණු බවට තොරතුරු ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More