දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ බ්‍රිතාන්‍යයේ පැතිර ඇති අධි ක්‍රියාකාරී කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති අධි ක්‍රියාකාරී කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි පවසයි.

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති අධි ක්‍රියාකාරී වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ මඩකළපුව මඩකලපුව ත්‍රිකුණාමලය කුලියාපිටිය වාරියපොල හබරාදුව තිස්සමහාරාමය කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් බව ඒ මහතා පවසයි.

මේ අතර චන්දිම ජීවන්දර මහතා අවධරණය කරනු ලැබුවේ අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගත් මෙරට සෞඛ්‍ය සේවකයන් පිරිසකට ද බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සියලු දෙනා මේ වන විට සුවය ලබා සිටින බවයි.

මෙයට අමතරව මෙරටින් මුල සිට හමුවූ වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පිරිසක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන්ද හමුවී ඇතැයි එම විද්‍යායතනය පවසයි.

නව අධි ක්‍රියාකාරී කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යයක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන මහතාට මහතාට ඊයේ(10)පෙරවරුවේ බාරදෙනු ලැබූ අතර ඉහත තොරතුරු සියල්ල එම වාර්තාවේ සඳහන්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More