දේශීය පුවත්

කොරෝනා වෛරසය  සම්බන්යෙන් තොරතුරු ඉදිරිපත් කරන වසංගත රෝග විද්‍යා අංශය වැනි ආයතන මගින් ලබාදෙන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටින අතර එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දිම එපිටකඩුව මහතා පවසා සිටියේ රට තුළ පවතින තත්ත්වය පිළිබිඹු කරන තත්වයට වඩා භයානක බවයි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ දත්ත උපයෝගී කරගනිමින්  එහි උප සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343 ගත වූ බවත් එතැන් සිට දින 72 ට පසුව දෙවැනි කොවිඩ් මරණ 500 වාර්තා වූ අතර තෙවන 500 වාර්තාවීමට ගතවී ඇත්තේ දින 13 කි.ඒ අනුව ඉදිරි මරණ 500 වාර්තා වීමට ගත වන කාලය මෙම දින ගණනට වඩා අඩුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය  පෙන්වා දෙයි

රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේ

”ජුනි මාසේ 6 වනදා, සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව විදියට 36,333ක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ කොවිඩ් රෝගීන් ලංකාවේ ඉන්නේ කියලා. හැබැයි ජූනි 7 වනදා පරීක්ෂා කර බැලුවොත්, සක්‍රීය රෝගීන් ඉන්නේ 31,145යි. වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු ආයතන එළිදක්වන දත්ත. රෝගීන් සංඛ්‍යාවේ 5,016ක් අඩුවෙලා තියෙනවා. හැබැයි සුවවූ රෝගීන් ලෙස තිබෙන්නේ 1,170යි. ඔබට පෙනෙනවා රෝගීන් 5,016කට වෙච්ච දෙයක් නෑ. මේ රෝගීන් සංඛ්‍යාව ඉන්නේ සමාජයේ. සමාජයේ මේ රෝගීන් හිටපු හින්දා සෞඛ්‍ය අංශවලට බෑ මේ රෝගීන් කියලා එකසැරේටම හඳුනාගන්න. නමුත් දවස් ගණනක් ගියාට පස්සේ මේ ප්‍රස්ථාර වල අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙන නිසා වරින් වර, දවස් හතරකින් නැත්නම් දවස් පහකින් මේ රෝගීන් ටික ප්‍රස්ථාරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය එනවා. දවස් 4කට 5කට සැරයක් අපේ සෞඛ්‍ය දත්ත වල 5,000ක 6,000ක විචලනයක් සිදුවෙනවා කවුරු විසින් හෝ පැහැදිලි කරගත නොහැකි. මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය මගින් වඩාත් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ දවස් 5කට 6කට සැරයක් ලෙඩ්ඩු 5000කට 6000කට මේ වෙන්නේ මොකක් ද කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More