ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මතු වූ දේශපාලන කරුණු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක් අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වේ.
මෙම හමුවේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව දිවයින පුරා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ මාලාව සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු කීවේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු සංවිධානය කරන රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වෙන අතර ඊට ඒකාබද්ධ විපක්ෂයටද ආරාධනා කර ඇති බැවින් එම ආරාධනාව අනුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් මෙම හමුවේදී සාකච්ඡා කෙරෙන බවද එම මන්ත්‍රීවරයා කීවේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...