දේශීය පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ ඊයේ(09 ) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේ දී සෞඛ්‍ය කාර්යය සහයකයන් ස්ථීර කිරීමේ ඉල්ලීම හැරුනු කොට තම සංගමය ඉල්ලූ ප්‍රධාන ඉල්ලීම් කිසිවෙකටත් පිළිගත හැකි විසඳුම් නොලැබුණ බවත් සාකච්ඡාවලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ත් අවධාරනය කළේය.

ඒ අනුව හෙට (11) දින පෙරවරුවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබු වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරය ඒ ආකාරයෙන් ම පැවැත්වීමට කමිටුවේ සියලු වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කළ බව ද එම සංගමය අවධාරනය කරයි.

කෙසේ වුවද කොරෝනා ආසාදිතයින් සඳහා වු හදිසි හා අත්‍යාවශ්‍ය සේවාවන් ආවරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.

එම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් වන්නේ ,
1. වෛද්‍ය සේවාව සඳහා මසකට 41,220 සිට 78,120 දක්වා වු සියයට 78ක අමතර දීමනා වැඩි කිරීමට සාපේක්ෂව වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා සාධාරණ දීමනාවක් ලබාදීම.

2.කොරෝනා මර්දනය කිරීමට බාධාවක් වී ඇති සෞඛ්‍ය කාර්යය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා නිශ්චිත තීරණයක් නොගැනීම.

3. සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ දීමනා කප්පාදු කිරීම හා දීමනා විෂමතාවයන් ඉවත් කිරීම.

4.කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීම. යන ඉල්ලීම් හතරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More