දේශීය පුවත්

ඊයේ (09) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙන් මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා සිටියේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත අනාගතය තීරණය වනු ඇති බවයි.

එහිදී සමගි ජනබලවේගය තුළ මේ වන විට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කර ගැනීම පිණිස මාධ්‍යවේදීන්” සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද?” යනුවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බවය.

කෙසේ වුවද සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතාට එය ලබාදීමේ ක්‍රමන්ත්‍රණයක් සමගි ජනබලවේගය තුළ ක්‍රියාත්මක වන බවට ජාතික පුවත්පතක් සහ සමාජ මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණි.

එම වාර්තාවලට අනුව කුමන්ත්‍රණය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට වන අතර එම චෝදනාවලට පිළිතුරු ලෙස ඉහත ප්‍රතිචාර දැක්වීමට චම්පික රණවක මහතා කටයුතු කළේය.

“ රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ නායක කළ යුතුයි කියා එක්සත් ජාතික පක්ෂ තීරණය කරලා තියෙන අවස්ථාවේ මමයි සජිත් ප්‍රේමදස මහතාව විපක්ෂ නායක කළ යුතුයි කියා යෝජනා කර ලිපියක් අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. අපි කිසිම කෙනෙක් ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපිට විවේචනයක් තියෙනවා නම් සෘජුව ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු එනවද නැද්ද කියා මම දන්නේ නෑ. 2019 එතුමාට කතා කළාට පස්සේ මම එතුමාට කථා කර නැහැ.“

එහිදී මාධ්‍යයවේදියෙකු “ඔබ තුමා සිහින දකිනවා කියලා කතාවක් තියෙනවා නේද ?” යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්,

“මම සිහින දකිනවා මේ රටේ පවුල් වාදයට උරුම වෙලා තියෙන මේ දේශපාලනය මේ රටේ නිපුණතාවය මත හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රටේ පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක්. ඒ නිසා ඒ ප්‍රභූ පන්තියට විරුද්ධව තමයි අපි මේ කටයුතු කරන්නේ.“ යනුවෙන් පිළිතුරු දුන්නේය.

එහිදී “සජිත් එක්ක ඉඳලා ඔබ තුමාට ඒක කරන්න පුළුවන් වෙයි ද?” යනුවෙන් මාධ්‍යයවේදියා පෙරලා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ,
“ 2019 දී අවස්ථානුකූලව ඒ මොහොතේ තිබුණ හොඳම විකල්පය වූ සජිත් ප්‍රේමදාස මහත්තයා අපි තෝරා ගත්තා. ඒ අනුව අපි ඒ නිෂ්චිත මොහොතට අදාළව කටයුතු කළා. ඉදිරි අනාගතයේ දී සමගි ජන බලවේගය එතුමාගේ හැසිරීම හා අනෙකුත් කාරණා මත තීරණය කරයි.“

“ඊළඟපාර වෙනසක් වෙන්නත් පුළුවන් ද?” යනුවෙන් මාධ්‍යයවේදියා ඇසූ කළ

“අපි දන්නේ නෑ නේ. මට කියන්නත් බෑ වෙන කෙනෙක්ට කියන්නත් බෑ.” යනුවෙන් ච්ම්පික රණවක මහතා පිළිතුරු දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More