දේශීය පුවත්

අපේ ජනබල පක්ෂය මාධ්‍යය වෙත පවසා ඇත්තේ අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට නම් කරනු ලැබූ අතුරලියේ රතන හිමියන්ගේ ධූර කාලය ලබන ජුලි මස 5 වැනි දින අවසන් වීමට නියමිත බවයි. ඒ අනුව ජූලි 5වෙනිදායින් පසුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට පත් කිරීමට සැලසුම් කර ඇති බව අපේ ජනබල පක්ෂය පවසා සිටී.

කෙසේ වුවද අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා පක්ෂය තුල ගැටුමක් මතුව තිබුණු අතර අතර පළමු වටයේදී ‌පක්ෂ මහලේකම් වූ වේදිනිගම විමලතිස්ස හිමියන් සිය නමම එම මන්ත්‍රී ධුරය සදහා මැතිවරණ කොමිසම වෙතයැවීමට කටයුතු කර තිබුණි.

නමුත් පසුව වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ නම ඉවත් කරණු ලැබිණි. කෙසේ වුවද මන්ත්‍රී ධූරය සඳහා රතන හිමියන් හා ඥානසාර හිමියන් අතර තරඟයක් මතු වුවද මාස 3කට තමන්ට මන්ත්‍රී ධූරය ලබා දෙන ලෙසට රතන හිමියන් කළ ඉල්ලීමට අනුව උන්වහන්සේට මන්ත්‍රී ධූරය ලබා දීමට අපේ ජනබල පක්ෂය පියවර ගෙන තිබුණි.

කෙසේ වුවද ඥානසාර හිමියන් මාස 3ක් නොව මාස 6ක් වුවත් රතන හිමියන්ට මන්ත්‍රී තනතුර දැරීමට ලබා දිය හැකි බවට එකඟතාවය පළ කළහ.

ඒ අනුව එකඟවූ මාස 6 ඉකුත් වීමට නියමිතව ඇත්තේ ලබන එළඹෙන ජුලි මස 5 වැනි දිනටය.

කෙසේවෙතත් රතන හිමියන් එම දිනට ප්‍රථම ඉවත් වීමට පියවර නොගතහොත් ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට එම පක්ෂය තීරණය කොට ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More