දේශීය පුවත්

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ලබන අගෝස්තු මස 01 වන දින සිට වව්නියාව විශ්වවිද්‍යාලය ක්‍රියාත්මකවේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව එම ගැසට් නිවේදනයට අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය ජුලි මස 31 වන දින සිට අවලංගු වීමට නියමිතය.

වව්නියාව නව විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණික අධ්‍යයන යන අංශයන්හි උසස් අධ්‍යාපනය ලබාදීමේ, ප්‍රවර්ධනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා ස්ථාපිත කෙරේ.

ව්‍යාපාර අධ්‍යයන පීඨය මූල්‍ය හා ගිණුම්කරණ හා ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ‍, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණ සහ ව්‍යවසායකත්ව යන අධ්‍යයන අංශයන්ගෙන් සමන්විතය.

ව්‍යවහාරික විද්‍යා පීඨය, භෞතික විද්‍යා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ගෙන් ද තාක්ෂණික අධ්‍යාපන පීඨය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයෙන් ද සමන්විතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More